රක්ත සංවහන ව්‍යූහාව

රක්ත සංවහන ව්‍යූහාව

රක්ත සංවහන ව්‍යුහාවට අයත් වන්නේ හෘදය වස්තුවත් ශිරා සහ ධමනි පද්ධතියත්ය. ශිරා සහ ධමනීන් ඉතා සියුම් වූ කේශ නාලිකා සමුහයකින් එකිනෙකට සම්බන්ධ වී පවතී. මෙම ඉන්ද්‍රිය පද්ධතිය තුළ රුධිරය ගමන් කරයි. ආයුර්වේද මතය අනුව රස වහාස්‍රොතස රක්ත වහාස්‍රොතස යන ස්‍රොතස් මාර්ග දෙකට අයත් ඉන්ද්‍රිය රක්ත සංවහන ව්‍යුහාවට අයත්ය. හෘදය සිය සංකෝචන විස්ථාරිත, එනම් හැකිලීම - දිගහැරීම ක්‍රියාවලිය ආධාර කොට ගෙන රුධිරය සිරුර මුළුල්ලේම විසුරුවා හරී. මාංස ධාතුව මේදෝ ධාතුව ආදි සෙසු ධාතු කොටස්  නිර්මාණය වීම සදහා රක්ත සංවහන ව්‍යුහාව මගින් එසේ සිරුර පුරා විසුරුවා හැරීමට මෙම රස රක්ත ධාතු කොටස් ඉවහල් වේ.

හෘදය යනු පේශිවලින් හා කපාටිකා වලින් ද ඉතා සියුම් ස්නායු සමුහයනගෙන්ද සැදුම් ලත් කුටීර සහිත ඉන්ද්‍රියකි. ශිරා ධමනීන් සහ පේශි වලින්ද නිර්මිතය.

හෘදය රෝග

හෘදය ශරීරයේ ඉතා වැදගත් ඉන්ද්‍රියකි. හෘදය රෝග ග්‍රස්ත වීම ප්‍රාණය හානි වීමට එක එල්ලේම තුඩුදෙන්නකි. විශාල පුමාණයක් වූ හෘද රෝග වාතජ, පිත්තජ‍, කඵජ, සන්නිපාතජ, සහ ක්‍රිමිජ යන ආකාරයෙන් පස් වැදෑරුම් ලෙස දක්වා තිබේ. හෘද රෝග වලට හේතුව දූෂිත වූ රස ධාතුව හෘදය ගත වීමයි. මේ නිසා පහළවන ලක්ෂණ රාශියකි. ඒ අතුරින් හෘද ගැස්ම, හෘද වේදනාව, කැස්ස, ක්ලාන්තය, පාද ඉදිමීම, හතිය ප්‍රධානය. හෘදය රෝගී වීම නිසා සිදුවන්නේ හෘදයෙන් කෙරෙන කාර්යයන්ට බාධා සිදුවීමයි. ඉහතින් දක්වා ඇති සියළු රෝග ලක්ෂණ යථෝක්ත රුධිර සංවහනයට බාධා වීමෙන් ඇති වන්නේය.

හෘද රෝග වලක්වා ගැනීම

  1. සැහැල්ලු දිවි පෙවෙතක් ගත කිරීම.
  2. මානසික කරදර දුරු කරලීම.
  3. භාවනා ක්‍රමයන් පුරුදු පුහුණු කිරීම.
  4. හදිසි මානසික උද්වේග වලින් වැලකී සිටීම.
  5. පහසුවෙන් දිරවන ආහාර ගැනීම සහ ගත කරන ජීවිතයට සරිලන සේ ආහාර ක්‍රමය සකස් කර ගැනීම.
  6. තෙල් මේද මිරිස් කුළු බඩු ලුණු බහුල ආහාර වර්ජනය කරන අතර අළුත් එළවළු පළතුරු සහිත ආහාර වැඩිපුර ගැනීම.
  7. දිවා නිද්‍රවද රාත්‍රි නිදි වැරීමද අත් හැරීම.
  8. ව්‍යායාම ක්‍රම පුහුණු වී පවත්වාගෙන යාම.
  9. දුම් බීම, මධ්‍යපානය, අධික මෛථුන සේවනය අත්හැරීම.
  10. වෛද්‍ය උපදේශ ලබා ගැනීම.

හෘද රෝග ප්‍රථමාධාර

  1. විවේකව සිටීම, කලබල නොවීම.
  2. වේදනා නාශනයට සිද්ධාර්ථ ‍තෛලය වැනි වේදනා නාශක තෙල් වර්ගයක් පපුවේ ගෑම සහ ඉන් ස්වල්පයක් පානය කිරීම.
  3. වෛද්‍ය උපදෙස් ලබා ගැනීම.
  4. සිතිවිලි හා ක්‍රියාකාරකම් සෑම අවස්ථාවකදීම මැදුම් පිළිවෙත අනුගමනය.

හෘද රෝග ප්‍රතිකාර

  1. මුව අං කුඩු භෂ්මය මදටිය එකක බරක් ගිතෙල් සමග ලේහ කිරීමට. (හෘද ශුල)
  2. බිත්තර සුදු මද ගිතෙල් සහිද ලුනු සමග මිශ්‍රකර පපුවේ ගෑමට.
  3. නස්නාරං ඇඹුලට සුවස ලුණු දමා බීම.
  4. කුඹුක් පොතු කලං 12 කෂාය හෝ කිරි කෂාය බීම. (පපුවේ හිර කිරීම) අර්ජුනාරිෂ්ටය මේස හැදි 2ක් අහරට පසු මී පැණි දමා බීම.
  5. ඇද්දෙමට ගෙඩි, වැල්මී කෂාය කර මීපැණි , සීනි, උක් සකුරු දමා බීම. (පපුවේ ගැස්ම, වෙලුම් ගතිය)
  6. කුඹුක් පොතු කුඩු තේ හැදි 1ක් එළකිරෙන් බීම. (හෘද ශුලය)
  7. සුවද කොට්ටන් කුඩුකර, මී පැණියෙන් ලේහ කිරීම. (කැස්ස සහිත පපුවේ ගැස්ම)
  8. සුවස ලුණු, වියළි ඉගුරු, පෙරුංකායන්, දෙළුම් මුල් කුඩු කර තේ හැදි එකක් උනු වතුරෙන් බීම. (හෘද ශුල)
  9. නවරත්න කල්කය මොර ඇටයක ප්‍රමාණයේ (ග්‍රෙන්ස් 20-30), ගම්මිරිස්, සුදුළූණු තැම්බු වතුර සමග පානයට.
  10. උදු, බැවිල මුල්, දේවදාර කෂායට තල තෙල් දමා බීම. (ගැස්ම සහ ශුල)
  11. සවිද ලුණු මදක් බැද තල තෙලෙන් අඹරා ගෑම.
  12. තිප්පිලි කබලෙන් බැද කුඩු කර, මී පැණියෙන් අනා ලේහ කිරීම. (කැස්ස සහිත හෘද ශුල)
  13. සිද්ධාර්ථ තෛලය පපුවේ ගෑම සහ සීනි දමා බීම. (හෘද ශුල)
  14. කපුරු තෙල් බුලත් කොළේ ගා රත් කර තැවීම. (පපුව හිර කිරීම)
  15. සුදුළූණු විවිධ අයුරින් ආහාරයට ගැනීම.
  16. බෙලිමුල්, බැවිල කෂාය.

අධික රුධිර පීඩනය

අධික රුධිර පීඩනය නව්‍ය වෛද්‍ය විද්‍යාවේ විස්තර වන්නකි. රුධිරය සිරුර පුරා විසුරුවා හැරීම සදහා හෘදයට යම් බලයක් යෙදිය යුතුය. මෙම බලය නිසා හෘද සංකෝචනයක් සිදුවී, ඒ අවස්ථාවේ හෘදයේ තිබෙන රුධිරය ධමනි මාර්ගයෙන් පිටවී යයි. මේ අනුව කල්පනා කරන විට, රුධිරය තෙරපා හැරීමට හෘදය විසින් දැරිය යුතු ලෙස පීඩනයක නැතහොත් තෙරපුමක ස්වභාවයෙන් පවතී. මෙය රුධිර පීඩනය වශයෙන් විස්තර කෙරේ. මේ බලය විවිධ කාරණා නිසා වෙනස් අඩු වැඩි වේ. හෘදයේ පේශි වල ස්වභාවය, ධමනි සහ ශිරා නාල වල ස්වභාවය, රුධිරයේ ස්වභාවය මෙයට බලපාන අතරම ශරීරයේ ක්‍රියා සදහා අවශ්‍ය වන විවිධ ස්‍රාව වර්ග නිපදවන ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරිත්වයද මෙයට බලපෑමක් කරයි. ශරීරයේ පවතින ද්‍රව ප්‍රමාණය පාලනය කරන ඉන්ද්‍රිය වල තත්වයද රුධිර පීඩනය කෙරෙහි බලපෑමක් ඇති කරයි. අධික රුධිර පීඩනය ඇති විට ශරීරය පුරා රුධිරය සංවහනය කිරීමට හෘදයට වැඩි බලයක් අවශ්‍ය වේ. එනම් හෘදයට වැඩිපුර කාර්යය ප්‍රමාණයක් කිරීමට සිදුවේ. මෙසේ ක්‍රියාකිරීම හෘදය වෙහෙස කර වනවා මෙන්ම හානිකර වන්නේද වේ.

අධික රුධිර පීඩනය පවතින විට පහළ වන රූප සහ ලක්ෂණ වෙහෙස දැනීම, ක්ලාන්තය, අධිකව දහඩිය දැමීම, පිපාසය, හිසරදය, කන්වල ශබිද, ආහාර අරුචිය, පෙනීම දුර්වල වීම, නින්ද අඩු බව, නිතරම නිදිමත ගතිය වේ.

අධික රුධිර පීඩනය වලක්වා ගැනීම

හෘද රෝග වලක්වා ගැනීම සදහා අනුගමනය කළ යුතු පිළිවෙත් මීටද ගැලපේ.

  1. මී පැණි වල බහාළු සුදුළූණු බික් 2ක් දිනපතා කෑමට ගැනීම.
  2. මුල්ලුම් වර්ග වැඩිපුර ආහාරයට ගැනීම.
  3. දුම් පානයෙන් වැලකීම.
  4. තෙල්කෑම, බටර්, බිත්තර කහමද ආහාරයට ගැනීමෙන් වැලකීම.
  5. කිරි අගුන කොළ, ජපන් බටු කොළ ආහාරයට ගැනීම.

රුධිර පීඩනයට ප්‍රථමාධාර

  1. විවේකය ගැනීම.
  2. නීල්‍යාදි තෛලය දෙහියුෂ මිශ්‍රකර හිසට දැමීම.
  3. නාරායන තෛලය හිසේ හා පතුල් වල ගෑම.

අධික රුධිර පීඩනයට ප්‍රතිකාර

  1. කාමරංගා ගෙඩි යුෂට සීනි දමා වරින් වර බීම.
  2. නීල්‍යාදි තෛලය දෙහියුෂ මිශ්‍රකර හිසට දැමීම.
  3. නාරායන තෛලය හිසේ හා අතුල් පතුල් වල ගෑම.

අධික රුධිර පීඩනයට ප්‍රතිකාර

  1. කාමරංගා ගෙඩි යුෂට සීනී දමා වරින් වර බීම.
  2. බෙලි කොළ, ගම්මිරිස් ඇට එක පමණ ගෙන කොටා යුෂ තේ හැදි 1ක් දිනපතා බීම.
  3. කොල්ලු, බැවිල, සුදුළූණු තම්බා බීම.
  4. කෙළිද හාල්, දියමිත්ත මුල්, කටුකරෝසන, අතිවිඩයන් කෂාය කර බීම.
  5. නෙල්ලි, රසකිද කෂාය කර බීම. හෝ තම්බා බීම.
  6. බැවිල මුල්, උළුහාල්, සුදුළූණු තම්බා බීම.
  7. නීල්‍යාදි තෛලයට දෙහි ඇඹුල් මිශ්‍රකර හිසට දැමීම.
  8. සියඹලා බොර මේස හැදි 3, විනාකිරි මේස හැදි 2, තල තෙල් මේස හැදි 1 මිශ්‍ර කර වරින් වර හිසට දැමීම.
  9. නස්නාරං යුෂට සහිද ලුණු දමා බීම.
  10. ඒකාවේරිය මුලේ පොතු චුර්ණය කර මදට 2ක් නින්දට පෙර ගැනීම.
  11. ඒකාවේරිය අල, එලකිරෙන් තමිබා වේලා කුඩු කර ගෙන වරකට ඔලිද ඇට 3 - 4 දක්වා සුමානයක් දිනකට දෙවරක් බොන්න.
  12. නස්නාරං යුෂ මේස හැදි 01ට සහිද ලුණු ස්වල්පයක් දමා දිනපතා බීම.

අසාත්මය රෝග

අසාත්මය යනු නොගැලපීමයි. මිනිසා පරිසරය සමග ගැලපෙමින් ජීවත් විය යුතුය. එම ගැලපීම සුවභාවය නොමැති වූ විට විවිධ රෝග පහළ වේ. ආහාර පාන, දේශීය කාළගුණය, ජාති ස්වභාවය, ඖෂධ යන ඕනෑම සාධකයක පැවතිය යුතු ගැලපීම නොපැවතීම අසාත්ම්‍යයයි.

මෙහිදි පහළ විය හැකි ලක්ෂණ රාශියකි. ඉන් ප්‍රධාන වන්නේ වමනය, හිසරදය, ඇගේ පලු මතු විම සහ කැසීම, ඇස් රතු වීම, ඉදිමීම, උණ, හුස්ම ගැනීමට අපහසු වීම ආදියයි.

අසාත්මය රෝග වළක්වා ගැනීම

  1. අසාත්මයට හේතු වන කාරණය හදුනා ගැනීම සහ ඉන් ඉවත් වීම.
  2. සප්සද මුල් දෙහි ඇඹුලෙන් ගලගා පෙවීම.
  3. වදකහ දෙහි ඇඹුලෙන් ගලගා පෙවීම.
  4. ආඩතෝඩා මුල්, මල්, කොළ, පොතු, නැටි, තම්බා මී පැණි දමා බීම.
  5. රණවරා මුල්, මල්, කොළ, පොතු, ඇට තම්බා ම් පැණි දමා බීම.
  6. බෙලිමල්, පොල්පලා තම්බා සීනි මීපැණි දමා බීම.
  7. කරප්පන් තෙල ගෑම.
  8. සර්ව විෂාදි තෛලය ගෑම.
  9. නෙල්ලි, රසකිද තම්බා බීම.
  10. අස්වැන්න මුල්, පොල්පලා මුල්, බටු මුල්, කටුවැල් බටු මුල්, නෙරෙංචි මුල්, මුද්දරප්පලම්, දියම්ත්ත මුල්, කටුකරෝසන, රසකිද, නෙල්ලි කෂාය කර බීම.
  11. වෙනිවැල් ගැට, පත්පාඩගන්, කොත්තමල්ලි තම්බා බීම.
  12. කොහොඹ පොතු සහමුලින් තම්බා බීම.
  13. ඉරමුසු කුඩු කර තේ මෙන් වත්කර බීම.
  14. ඇඹුල් අහර අත්හැර කෂාය ගුණ බහුල දේ ගැනීම.
  15. අවිපත්ති කර චූර්නය තේ හැදි ½ වරකට උදේ, සවස.